IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හම්බන්තොට ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමේ අවධානමක්

(සනත් ගමගේ)


ඉන්ෆ්ලුවන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති සෙම් රෝගයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව හම්බන්තොට දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  එම්.එන්.එච් ක්‍රිෂාන්ත මහතා පැවසීය.


රෝගීන් පරීක්ෂා කර බැලීමේ දී තහවුරු වී ඇත්තේ ඉන්ෆ්ලුවන්සා A හෝ  B රෝග කාරක වෛරස් රෝගින්ගේ ශරීර ගත වී ඇති බවයි.


සෙම්ප්‍රතිශ්‍රාව, ඇස්වලින් කඳුළු ගැලීම, සොටුදියර ගැලිම, උගුරේ ආසාදනය, කැස්ස, උණ රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වහා  රජයේ රෝහල් වලින් හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු බවද ක්‍රිෂාන්ත මහතා සඳහන් කළේය.


වයස අවුරුදු 02 ට වඩා අඩු දරුවන් සහ වයස 65 ට වැඩි වැඩිහිටියන්, ගර්භනී මවුවරුන් , දියවැඩියාව, ඇඳුම ,පීනස හෝ වෙනත් ඌනතා සහිත රෝගින් මෙම සෙම් රෝගයට ගොදුරු වීමෙන් ඒ අය අවදානම් කාණ්ඩයට අයත්වන බවද වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ක්‍රිෂාන්ත මහතා පැවසීය.


මෙම රෝග ලක්ෂණ ඇති  විශේෂයෙන් දරුවන් පෙර පාසල් සහ පාසල් යන දරුවන් පාසල් නොයැවිමට දෙමාපියන් වග බලා ගතයුතු බවද වෛද්‍ය වරයා  පැවසීය. රෝගය පැතිරයෑම වළක්වාගැනිම සඳහා කිවිසුම් යනවිට ලේන්සුවක් හෝ අත නාසය අසල තබා ගැනිම, පුළුවන් තරම් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි නොකිරිම, මජනතාව වැඩියෙන්  ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම ගත හැකි ක්‍රියාමාර්ග වේ.


මද රස්නයෙන් උණුවතුර පානය කිරීම, හුමාලය ඇල්ලීම, ශිත ආහාර වර්ග පානය නොකිරීම, දියර වර්ග පිනය කිරිම මෙම රෝගී ලක්ෂන ඇති රෝගින් පිළිපැදිය යුතු බවද ක්‍රීෂාන්ත මහතා කීය.  


සෑම වසරක මැයි, ජුනි, ජුලි සහ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරී යන මාසවල මෙම රෝගි තත්ත්වයන් වාර්තා වුද මෙවර වැඩිවීමක් පෙන්වන බව කිය.


තංගල්ල ප්‍රදේශයේ මෙම රෝගි තත්ත්වය තරමක් වැඩියෙන් වාර්තා වන හෙයින් තංගල්ල මූලික රෝහලේ ළමා සහ වැඩිහිටි වාට්ටුවල රෝගින් නේවාසිකව ප්‍රතිකාර ලබන හෙයින් එම රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය දැනුවත් කිරිම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.පී.ආර්.එස් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩසටහනකදී මෙම අදහස් පළ විය.



අදහස් (0)

හම්බන්තොට ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමේ අවධානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site