( ක.ග කරුණාරත්න)
වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 203 විජයබාහුපුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවාස 03 කට හානි සිදුවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා සඳහන් කළේ එම නිවාස වල වහලය සුළඟට ගැලවී යාමෙන් හානිය සිදුව තිබෙන බවයි.
ඊයේ (02) පස්වරුවේ පැවති වර්ෂාවත් සමඟ රාත්‍රී 7.00 ට පමණ හමාගිය තද සුළඟ විනාඩි 10 කටත් අඩු කාලයක් තිබූ බව හානියට පත් නිවෙස් හිමිකරුවෝ කියා සිටියහ.
මෙම හානි සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී මගින් වාර්තා ලබාගෙන සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ඊයේ (02) රාත්‍රියේ වර්ෂාව සමඟ ඇතිවූ එම තද සුළං තත්ත්වය නිසා විජයබාහුපුර ගම්මානයේ පිහිටි ගෙවතු රැසකට ද හානි සිදුවී තිබේ.
ඒවායේ වගා කර තිබූ කෙසෙල්, කොස් ආදී ගස් විනාශ වී ඇත.පල දරමින් තිබෙන එම වගාවන් විනාශ වීමෙන් තමන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවී ඇතැයි ඒවායේ හිමිකරුවෝ ප්‍රකාශ කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැස්සෙන් පොළොන්නරුවේ ගම් රැසකටත් හානි