(කේ බුද්ධික කුමාරසිරි )
අවිස්සාවේල්ල පුවක්පිටිය එල්ස්ටන්වත්ත ප‍්‍රදේශයේ අධි බලැති විදුලි කණුවක් මුදුනේ කම්බි අඳිමින් සිටි සේවකයෙක් සමඟ එම කණුව කඩා වැටීමෙන් තුවාල ලැබූ සේවකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (4) මියගිය බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
පාදුක්ක ගලගෙදර විදුලි බෙදා හැරීම් හා නඩත්තු ඒකකයේ සේවකයින් පිරිසක් එල්ස්ටන්වත්ත ප‍්‍රදේශයේ 33000 අධි බලැති විදුලි කණුවක රැහැන් අඳිමින් සිටියදී එක්වරම එය කණුවට ඇඳ තිබූ ආධාරකයක් කැඩීයාම අදාළ කණුව වැටී තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පාදුක්ක ගලගෙදර විදුලි බෙදාහැරීම් හා නඩත්තු ඒකකයේ සේවය කළ පාදුක්ක බෝපේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ සුපුන් ධනංජය චාමික රත්නායක නමැති 25 හැවිරිදි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංජිනේරුවෝ වායු සමීකරණය කරපු කාමර අස්සේ සැපෙන් ඉඳගෙන ආණ්ඩුවට වෙට්ටු දමමින් ජොලි කරනකොට මේ අහිංසක කොල්ලෝ ඉංජිනේරුවෝ ඩිසයින් කරපු විදුලි කනුව කඩාගෙන වැටිලා මැරෙනවා.