(අනීෂා මානගේ)
තංගල්ල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ මතුව ඇති ගැටළුවක් හේතුවෙන් රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේ කවුළු කිහිපයක් අද (04) වසා දැමීමෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් අසීරුතාවයට පත්ව තිබේ.
තංගල්ල මූලික රෝහලේ ඖෂධ නිකුත් කිරීම සදහා බාහිර රෝගී අංශයට කවුළු දෙකක්ද සායන අංශයට කවුළු තුනක්ද කාර්යය මණ්ඩලය සදහා කවුළුවක්ද වෙන්කර තිබේ.
අද උදෑසන සිට මෙහි කවුළු දෙකක් පමණක් විවෘත කර තැබීම නිසා ප්‍රතිකාර ලබාගැනීමට හා ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි රෝගීන් බොහෝ පිරිසක් අසීරුතාවයට පත්ව සිටිනු දක්නට හැකිවිය. මේ හේතුවෙන් රොගීන් අතර විශාල තදබදයක්ද දක්නට ලැබිණි.
මේ පිළිබඳව තංගල්ල මූලික රෝහලේ පරිපාලන නිළධාරි සී.එන්.ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ දැනට තංගල්ල මූලික රෝහලට කණිෂ්ඨ කාර්යය මණ්ඩලය 120ක් අවශ්‍යව ඇතත් දැනට සිටින්නේ සියයක ප්‍රමාණයක් බවයි.
ඉන් පස් දෙනෙකු විවිධ රෝග වලට ගොදුරු වී ඇති අතර දිනකට දිවා රාත්‍රී රාජකාරියේ යෙදවීමට ඇත්තේ 80ක් පමණ පිරිසක් බවත්ය.
මෙසේ තිබියදී ඖෂධ නිකුත් කිරීමේ යෙදී සිටි කණිෂ්ඨ සේවකයකු අභ්‍යන්තර ස්ථාන මාරුවක් සිදුකිරීම නිසා උරණ වූ කාර්යය මණ්ඩලය මෙලෙස ඖෂධ නිකුත් කිරීමෙන් වැළැකී සිටින බවද ඔහු සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තංගල්ල රෝහල් කනිටු වර්ජනයෙන් ඖෂධ නිකුත් කිරීමේ ප්‍රමාදයක්