( සුමතිපාල දීයගහගේ )
ගාල්ල කනම්පිටියේ පදිංචි අබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු නිවසට කඩා වැදී එම සෙබළාගේ ගෙලේ තිබූ රුපියල් 95000 ක් වටිනා රන් මාලයක් කොල්ලාකා පලා ගිය කොල්ලාකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම ආබාධිත සෙබළා රාත්‍රි නිවසේ රූපවාහිනිය නරඹමින් සිටින විට කඩා වැදුණු කොල්ලාකරුවන් දෙදෙනෙක් හමුදා සෙබළා එළියට කැඳවා ගෙන ගොස් ඔහුගේ ගෙලේ තිබූ රන්මාලය කොල්ලාකා පලා ගිය බවට පොලිසියට පැමිණිල්ල ලැබී ඇත.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ ගාල්ල පොලිසිය මංකොල්ලය සිදුවී පැය විසි හතරක් ගතවීමට පෙර කොල්ලාකරුවන්
දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා අද (2) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd