(ජුඩ් සමන්ත)
සුඛෝපභෝගී මෝටර් රථයකින් කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලීසියට බාර දී තිබේ.
සැකකරුවන් දෙදෙනා ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී කේරල ගංජා ග්‍රෑම් 500 ක් වැටලීම කළ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම - පාලාවිය,තල්ගස්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd