(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය කට්ටෙයිකාඩු ප්‍රදේශයේදී බුරුත දැව තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය කියයි.
කිලිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් කට්ටෙයිකාඩු ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමකදී අදාළ දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
දැව ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගෙන තිබූ යතුරුපැදි දෙකක් ද හා බුරුත දැව තොගයක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd