අනීෂා මානගේ
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පාපැදියක් ගැටීමෙන් පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙලිඅත්ත පොලිසිය කියයි.
එලෙස මිය ගොස් ඇත්තේ වන්නිආරච්චිගේ ප්‍රේමානන්ද (62) නම් බෙලිඅත්ත කුඩාහීල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගාල්ල සිට සූරියවැව බලා ධාවනය කරමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාපැදියක ගැටීම නිසා අනතුර සිදුවී තිබේ.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd