IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


“ඕළු මරා” ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

පුත්තලම - ජුඩ් සමන්ත.


මිනිස් ඝාතන දෙකක් ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇති “ඕළු මරා” නමින් හදුන්වන සැකකරුවෙකුව සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු හලාවත කොට්ඨාෂ විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් සහ කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


බිංගිරිය පොලිස් වසමේ වැල්ලරාව - බක්මීරුප්ප ප්‍රදේශයේ නිවසක සැගවී සිටින විට සැකකරුවන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් සතුව තිබූ කඩුවක්,විශාල ප්‍රමාණයේ මන්නා පිහි 02 ක් සහ හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 2 ½ ක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගෙන ඇති ඕළු මරා නමින් හදුන්වන ප්‍රධාන සැකකරු වෙන්නප්පුව - සිරිගම්පල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි. සැකකරු සහ එම ප්‍රදේශයේ තවත් පිරිසක් අතර පසුගිය කාලය පුරා ගැටුම් තිබී ඇත.එහි ප්‍රථිපලයක් ලෙස ඕළු මරා විසින් අනෙක් පාර්ෂවයේ දෙදෙනෙකුව ඝාතනය කර ඇති බවත්,දේපල රැසකට පහර දී හානි සිදු කර ඇති බවත් විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන් කියයි.


මෙම ගැටුම හේතුවෙන් ඕළු මරා ජීවිතාරක්ෂාව පතා වෙන්නප්පුව ප්‍රදේශයෙන් පිටත්වී වැල්ලරාව ප්‍රදේශයට පැමිණ සැගවී සිට ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.එම සැකකරු මිනිස් ඝාතන,පහර දීම් ඇතුළු අපරාධ වලට අමතරව හෙරෝයින් මත් කුඩු අලවි කිරීමේ ජාවාරමේ නිරතවූ අයෙකු බවටද හෙලිවී ඇත.


ඕළු මරා යන සැකකරු අපරාධකරුවෙකු බව දැන දැන ඔහුට නවාතැන් ලබා දීමේ චෝදනාව යටතේ සෙසු සැකකරුවන් සිව් දෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය දිනක වෙන්නප්පුව - කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති 24 හැවිරිදි සැකකරු පවසා ඇත්තේ මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ ඕළු මරා නම් තම ඥාතියාට අයත් ඒවා බවය.


සැකකරු සතුව තවත් ගිනි අවි ඇති බවට විශ්වාස කරන බ

වත්,එම ආයුධ සොයා ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බවත් වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වෙන්නප්පුව පොලීසියට බාර දීමට නියමිතය.



අදහස් (0)

“ඕළු මරා” ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14047 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site