(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ කුඩා වේවැල් දළයා නමින් හඳුන්වන ඇත් පැටවාට කිසියම් පිරිසක් වෙඩි තැබීම නිසා එක් ඉදිරි පාදයකට තුවාල සිදුවී ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.
පසුගිය දින කිහිපයේම මෙම වේවැල් දළයා සොයාගැනීමට නොහැකිව සිටි බවත් ඊයේ (20) දින පස්වරුවේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැවසෙන බවට ලැබුණු තොරතුරක් මත සීගිරිය වනජීවී නිලධාරීහු පිරිසක් එම ස්ථානයට ගොස් එම ඇතාට වෙඩි වැදීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව නිරීක්ෂණය කළහ.
එහිදී එක් ඉදිරි පාදයකට වෙඩි වැදී සිරුර ඇතුළතින් පැසවා ඇති ආකාරය දැකගත හැකිවිය. ඒ සමගම වේවැල් දළයාගේ නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙන් පසුව අලි වෙඩිල්ලක් ආධාරයෙන් වනජීවී නිලධාරීහු ඇත් පැටවා නැවතත් හරවා යැවීමට ක්‍රියා කළහ.
දඹුල්ල නගරයෙන් ඉවත් කරන කුණු කසළ ආහාරයට ගැනීම සඳහා පැමිණි වේවැල් දළයා සහ තවත් වනඅලින් 6 දෙනෙකු මේ වනවිට වෙඩිප්‍රහාරවලට ලක්ව සිටින බවද සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානි වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. බණ්ඩාරනායක මහතා පැවසීය.
අලුත් අවුරුදු සමයේ වන අලින්ගේ ආහාරය සඳහා කැලෑවට ගෙනත් දමන එළවළු ප්‍රමාණය අවම වීම නිසාවෙන් ආහාර සොයා වන අලින් ගම් වැදීම නිසා මෙවැනි අනතුරුවලට ලක් වනවාද යන්න සැකයක් පවතින බව බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වේවැල් දළයා ඇතුළු වන අලි 6 කට වෙඩි
Indu Saturday, 21 April 2018 10:17 PM
ඇයි නිර්වින්දනය කරන බෙහෙතක් පාවිච්චි කරලා මේ අහිංසක සතාව සුවපත් කරන්න උත්සාහ නොකළේ.. අලි වෙඩිලි දාල එලවන්නද වන ජීවී දෙපාර්තමේන්තුව ඉන්නේ...? දැන් තුවාලේ පැසවලා මේ අහිංසක සතත් අපිට අහිමි වෙනවා. මිනිස්සු විසින්ම පරිසරයට කරන හානිය නිසා දැන් සතුන්ට යන්න එන්න තැනක් නැහැ.. මෙහෙම ගියොත් අපේ ඉදිරි පරම්පරාවට උරුම වෙන්නේ ගහක් කොලක් , සතෙක් සීපාවෙක් නැති කාන්තාරයක්.