චන්දන ප්‍රනාන්දු
බොරලැස්ස ප්‍රදේශයේ නිවසකට පැන එහි සිටි අඹුසැමි යුවළක් තියුණු ආයුධවලින් කපාකොටා පලා ගොස් සැඟව සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්සේ පදිංචි වයස අවුරුදු 22 ත් 26 ත් අතර වයසේ පසුවන තරුණයන් තිදෙනෙකි.
මෙයට දින 10 ට පෙර බරපතල කැපුම් තුවාල සහිතව අඹුසැමි යුවලක් මාරවිල රෝහලට ඇතුල් වී ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් මාරවිල රෝහල් පොලිසිය වෙන්නප්පුව පොලිසියට කරන ලද දැනුම් දීමක් මත සිදුකළ විමර්ශනයකින් පසුව එම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd