(සිතුම් චතුරංග)
යාපනය සිට ත‍්‍රිකුණාමලය දක්වා බස් රථයකින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයකු වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
බස්රථයකින් කේරළ ගංජා ප‍්‍රවාහනය කරන්නෙකු පිළිබඳ වවුනියාව පොලිස් දුෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසූයේ සැකකරුගේ ගමන් මල්ලෙහි සුක්ෂම ලෙස සඟවා තිබූ කේරළ ගංජා සොයාගත් බවයි.
සැකකරු යාපනය ප‍්‍රදේශයේ කේරළ ගංජා ජාවාරම්කරුවකුගේ ගංජා මිළදී ගෙන ත‍්‍රීකුණාමලය සිටින තවත් ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා රැගෙන යමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරු ත‍්‍රීකුණාමලය අනුරාධපුර හංදිය ප‍්‍රදේශයේ පදිංචි පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වේ.
සැකකරු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd