(ඩබ් ඒ පියතිලක)
කවුඩුල්ල මින්නේරිය සෝමාවතිය අංගමිමැඩිල්ල සහ ගිරිතලේ ඇතුළු ජාතික වනෝද්‍යාන තුළ සිටින අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක් වැළදිමේ තත්වයක් ඇති බව ති‍්‍රකුණාමලය පොලොන්නරුව වනජිවි කලාපය භාර ගිරිතලේ වනජිවි සෞඛ්‍ය කළමනාකරණ එකකයේ පශු වෛද්‍ය කේ. ඒ.එස් . එස් කලිගුආරචිචි මහතා පැවසීය.
එසේ රෝගය වැළඳුණු අලි පැටියෙකු කවුඩුල්ල ජාතික උද්‍යානයේ නිළධාරින් විසින් රෝහල වෙත භාරදුන් බවද මෙම රෝගය වැළදිමට ප‍්‍රධාන හේතුව වන්නේ උද්‍යාන තුළට අනවසර ගවයින් දසදහස් ගණනක් ඇතුළු කිරිම බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
එම අලි පැටවා ප‍්‍රතිකාර සදහා පරික්ෂා කිරීමේදී වැටී තුවාලවලට අමතර මුඛයේ සහ පාදවල තුවාල සිදුව ඇති බවත්. එම රෝග ලක්ෂණ අනුව මෙම අලි පැටවාට මුඛ හා කුර රෝගය වැළදි ඇතිබවට හඳුනාගෙන ඇති අතර ඒ බව ඒ පිළිබද වැඩිදුර තහවුරු කර ගැනිම සදහා එහි සාම්පල් පෙරාදේණිය පසු විමර්ශන අංශය වෙත යොමු කර ඇති බවත් වෙද්‍යෙවරයා පැවසීය.
කෙසේ නමුත් වනජිවි උද්‍යානවල සිටින සතුන්ට බෝ විමට ඇති ප‍්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අනවසරයෙන් ගවයින් ඇතුළු කිරිමත් එමෙන්ම ගවයින් දස දහස් ගණනක් අලි ඇතුන් ආහාර සඳහා ගන්නා තණ කොළ ගවයින් කැම හෙතුවෙන් බවත් හෙතෙම සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොළොන්නරුව ජාතික වනෝද්‍යනයන් හි අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක්
bandula Sunday, 22 April 2018 12:55 PM
මෙම රෝගය ඉතාම භයානකය (FMD ). 1980 ගණන් වල මහා බ්‍රිතාන්‍ය හරකුන් දහස් ගනනක් මරා පුළුස්සා දැමු අතර වෙනත් රටවල් බ්‍රිතාන්‍ය මස් තහනම් කරන ලදී. සතුන් කලින් එන්නත් කිරීම හැර වෙනත් ප්‍රතිකාර නොමැත. සතුන් සමග ඉන්න මන්නුස්සයන්ට බෝවිය හැකිය නමුත් සුළු වශයෙනි .