බී.ජී.චතුරංග
මැදවච්චිය ගිරා කෑත්තෑව ප්රදේශයේ දී අද (20) සිදු වූ රිය අනතුරකින්, මීට දින 15කට පෙර විවාහ ගිවිසගත් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
මැදවච්චියේ සිට කෑදෑව දක්වා පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් පිරිසක් ගෙන යමින් තිබූ වෑන් රථයක් හා කෑදෑව සිට මැදවච්චිය දක්වා ගමන් කළ යතුරු පැදියක් මැදවච්චිය 5කණුව සිට කෑදෑව දක්වා දිවෙන මාර්ගයේ ගිරා කෑත්තෑව වංගුවේදී එකිනෙක ගැටී මෙම අනතුර සිදු ව තිබේ.
අනතුරින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරනු ලබයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස ගානේ මෝටර් සයිකල් අනතුරු වලින් ලංකාවේ තරුණ ජීවිත අහිමි වෙනවා, පෙරේදා රසායනික වලට වැටිලා කර්මාන්ත ශාලාවක තරුණ ජීවිත පහක් අහිමි වුණාන. වැළක්විය හැකි අනතුරුවලින් දිනපතා අහිමිවෙන තරුණ ජීවිත ගණන් බැලුවොත් යුද්ද කාලේ අපිට අහිමි වුන ජීවිත වලට වඩා වැඩි බවක් පේනවා. පාර්ලිමේන්තුවක් කියල එකක් තියනවා, එකේ ඉන්න අය රටේ ජනතාවගේ ප්රශ්න කෙසේ වෙතත් බඩවල් තර කරගැනීමට දිවා රාත්රී නොබලා කටයුතු කරනවා. පහුගිය කලේ දියේ ගිලිලා කී දෙනෙක් මැරුණද? මේ හැම දෙයක්ම යම් තරමකට වලකා ගැනීම ඉතාම පහසු දෙයක්. සිදුවියහැකි අනතුරු ගැන මහජනතාව දැනුවත් කිරීමට ලොකු වියදමක් යන්නේ නැහැ. ගඟ ඇලදොළ අසල විශාල පුවරු මගින් ජීවිත අවදානම් ගැන ප්රසිද්ද කිරීම යතුරුපැදි ධාවනයට බලපත්ර ගැනීමේ ලිහිල් ක්රමවේදය වෙනුවට දියුණු රටවල්වල භාවිතවන ක්රමවේදයක් හඳුන්වාදීම, කර්මාන්තශාලාවල සේවකයන්ට ඔවුන්ගේ රාජකාරියට අනුකූල පහුණු සැසි රැකියාව අතරතුර වරින්වර ලබාදීම. පාර්ලිමේන්තුවේ මේ සියල්ල ගැන කතිකාවතක් ඇතිකළ යුතුය. අලුතින් නීති සකස්විය යුතුය.