(සුමතිපාල දීයගහගේ)
ගාල්ල සතිපොල පිටුපස මුහුදු වෙරළේ නතර කර තිබූ ධීවර බෝට්ටුවකට සහ එහි තිබූ දැල් ආම්පන්නවලට ගිනි
තබා රුපියල් එක් ලක්ෂ හතලිස් පන් දහසක අනර්ථයක් සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
තමාට අයත් යාත්‍රාවෙන් සොහොයුරා මසුන් මැරීම සිදුකරන අතර ගාල්ල සතිපොල අසල මුහුදු වෙරළේ නතර
කර තිබූ මෙම බෝට්ටුවට සහ දැල් ආම්පන්නවලට රාත්‍රි කාලයේ කිසිවෙකු විසින් ගිනි තබා ඇති බවට ගාල්ල
හීන්පැන්දල පදිංචිකාරියක් ගාල්ල පොලිසියට පැමිණිලිකර ඇත.
ගාල්ල පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd