(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර රජයේ ස.තො.ස ආයතනයට ගොස් රුපියල් පන්දහසක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදි භාණ්ඩ මිලදි ගැනිමට තැත්කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය කනදරාව පුබුදු මාවතේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකාර පුද්ගලයා ඊයේ (19) දින අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටි සමුපකාර තොග වෙළද සංස්ථාවට ඇතුළු වි භාණ්ඩ රැසක් මිලදි ගෙන ඒ සදහා රැපියල් පන්දහසක නොට්ටුවක් අයකැමිවරියට ලබාදි ඇතැයි පොලිසිය කියයි.
එහෙත් මෙම මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බවට මුදල් අයකැමිවරියට සැක මතු වී කළමණාකරු මගින් ඒ බව පොලිසියට දන්වා තිබේ.
අත් අඩංගුවට ගනු ලැබු සැකකාර පුද්ගලයා අද (20)අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd