(ජේ.කේ.එල් චාමින්ද)
දහතුන් හැවිරිදි පාසල් දැරියක් ගැබනියක් බවට පත් කළ ඇගේ මාමා අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි.
පිටිගල බංගමුව කන්ද ප්‍රදේශයේ දී 49 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ නිවස හා සැකකරුගේ නිවස එක ළඟ පිහිටා ඇති බවත් දැරිය රාත්‍රී කාලයේ දී නිදාගෙන ඇත්තේ සැකකාර ලොකු මාමාගේ නිවසේදිය.
මෙම වසරේ ජනවාරි 22 වැනි දා සිට 25 වතාවක් සැකකරු විසින් මෙම දැරිය දුෂණය කර ඇති බව පිටිගල පොලිසිය කියයි. ඇය 9 වසරේ ඉගෙනුම ලබයි.
දැරියගේ වෙනසක් දැනි ඇයගේ මව දැරිය වෛද්‍යවරයකු වෙත යොමු කර තිබේ. එහිදී වෛද්‍යවරයා දැරිය ස්කැන් පරික්ෂණයකට ලක්කර ඇති අතර එහිදි දැරිය ගැබ්ගෙන ඇති බව වෛද්‍යවරයා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd