ක.ග කරුණාරත්න
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය අද (09) දහවල් වනවිට පිටාර මට්ටමට ඉහළ නැගීම නිසා එහි වාන් දොරටු 10 න් 04 ක් අඩි 01 බැගින් විවෘත කිරීමට පියවර ගත් බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ හේවාගම මහතා පවසයි.
මෙම වාන් දොරටු විවෘත කිරීම නිසා තත්ත්පරයකට ඝන අඩි 560 ක ජල ධාරිතාවක් ජලාශයෙන් පිටවන බව ඒ මහතා කීය.
වර්ෂාව තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත් තවත් වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදුවනු ඇතැයිද කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක වරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට වාන් දොරටු අරින්න වෙන්නේ නැහැ ජලාශයේ නියමිත ජල පරිමාව දාරගන්න හැකි විදිහට ජලාශය ප්‍රතිසංස්කරණය කලා නම්. එදා අක්කර අඩි 150,000 පිරුන මේ මහා ජල කද අද අක්කර අඩි 100,000 වත් පිරෙන්නේ නැහැ වාන් දානවා. මාස 4 පායනකොට වගා බිම් වේලෙනවා දෙන්න ජලය නැහැ. කෝටි ගණන් වැඩකට නැති දේවල් වලට පාර්ලිමේන්තුවේ ඉන්න අයට කාර් ගන්න වියදම් කරනවා. රටටම බත සපයන කුබුරු ගොවිතැනට අවශ්‍ය ජලය වසර පුර ලබා දෙන්න. රටට ආදරයක් නැති වෘත්තිමය සේවකයන්ගෙන් හා දේසපාලන හෙන්චයියන්ගෙන් රටේ මෙවන් ආයතන පිරී යාම නිසා අපේ රට දිනක ඉතියෝපියාවට වඩා එහා තැනකට වැටෙනවා. එදා රජවරු නිර්මාණය කල කිසිම ජලාශයක් අද ඒ අයවලුන් නිමාණය කල සම්පුර්ණ ජල පරිමාවෙන් 60% වත් හරියාකාරව පුරවා ගන්න හැකියාව නැතිවෙලා තියනවා.