IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘හක්කපටස්‘ හපා ඇත් පැටවකු මිය යයි

(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ සාගම අලිකම්බේ ප්‍රදේශයේ දී හක්ක පටස් නැමැති පුපුරණ ද්‍රව්‍ය සපා කෑ ඇත් පැටවෙකු මිය ගොස් තිබේ.

අවුරුදු 07 ක් පමණ  වයසැති මෙම ඇත් පැටවා ගේ උස අඩි පහයි අගල් හතකි.

සාගම සහ ඒ අවට  වනගත ප්‍රදේශ වල මෙම ඇත් පැටවා සැරි සරමින් සිටි අතර කිසියම් පුද්ගලයකු විසින් සතුන්ට යොදන හක්ක පටස් හැපීමෙන් මෙම අලියා ගේ මුඛ පෙදෙස බරපතල ලෙස තුවාල ලබා තිබේ.

මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා විසින් සිදු කරනු ලැබිය.

හක්ක පටස් හැපිමෙන් කටට සිදුවි බරපතල තුවාල නිසා දින ගනණාවක් නිරාහාරව සිටීමෙන් මෙම ඇත් පැටියා මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වු පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා නිගමනය කර තිබේ.

 



අදහස් (0)

‘හක්කපටස්‘ හපා ඇත් පැටවකු මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site