ලක්ෂ 30 ක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මරදාන දෙමටගොඩ පාර විහාරස්ථානයක් අසළදී ත්‍රි රෝද රථයකින් රුපියල් ලක්ෂ 30 පමණ වටිනා හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය කියයි. 09 November 2018
රට සල්ලි තොගයක් ගුවන් තොටෙන් අල්ලයි විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (9) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 09 November 2018
හැඩඔයේ බෝක්කු වල සිරවී තිබූ ලී කොට ඉවත් කරයි අම්පාර දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන වර්ෂාව සමඟ වැව්වල ජල මට්ටම ඉහළ යමින් පවතී.ලාහුගල ගම්මානය අසලින් ගලායන හැඩ ඔයේද ජල මට්ටම වැඩිවී තිබේ. 08 November 2018
මාතලේ මහ නගර සභාවත් උණුසුම් වෙයි වර්තමානයේ දී රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකුලත්වය හමුවේ අගමැතිවරයකු පත් කිරිම සම්බන්ධයෙන් අද (8) පැවති මාතලේ මහ නගර සභාවේ මාසික සභා රැස්විමේදි සභිකයින් අදහස් දැක්විම හේතුවෙන් සභිකයින් අතර උණූසුම් වචන හුවමාරුවක් සිදු විය. 08 November 2018
මාදුරු ඔය රක්ෂිතයට නිතිවිරෝධීව ඇතුළු 6 කට දඩ මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළුවී එහි රැඳී සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට කිරිමෙන් වරද පිළිගැනීමෙන් පසුව එක් අයකුට රුපියල් 15,000 බැගින් විත්තිකරුවන් 08 November 2018
මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි පුද්ගලයින් හැත්තෑ දෙනෙකු ඝාතනය කරමින් සිදු කළ ශ්‍රී ලංකා මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ චූදිතයින් වන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව මහාධිකරණය විසින් නියම කළ වසර 200 ක සිරදඬුවම ඉවත දමන ලෙස ඉල්ලා එම චූදිතයින් ගොනු කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. 08 November 2018
රජරට රැජිනේ ගැටී වල් අලියෙක් මරුට වවුනියාව සිට මාතර දක්වා ගමන් ගනිමින් තිබූ රජරට රැජින දුම්රියේ ගැටී වල් අලියකු අද (08) මිය ගිය බව ගල්ගමුව වනජීවි නිලධාරීහු පවසති. 08 November 2018
අලි රොෂාන් ඇතුළු 7 කගේ නඩුව 28 දා වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූට ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලි ඇතුන් ලඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන 28 වැනිදා කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (8) නියම කළේය. 08 November 2018
තිසා වැවත් වාන් දමයි වසර දෙකකට පසු අනුරාධපුර තිසාවැව ජලයෙන් පිරි ඉතිරි අද (08) සිට වාන්දැමීමට පටන් ගෙන තිබේ. 08 November 2018
ලක්ෂ 10 ක රට මත්පැන් තොගයක් අත්අඩංගුවට මහනුවර නගරයේ සුපිරි වෙළඳසැලක රහස් ගබඩාවක සඟවා තිබූ තීරු බදු නොගෙවා ආනයනය කර තිබූ විදේශීය විස්කි බෝතල් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 November 2018
ලක්ෂ 20 කට බඩු සොරා ගත් කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ප්‍රදේශ රැසක සොරකම් හා කොල්ලකෑම් රැසක් සිදුකළ කල්ලියකට සම්බන්ධ කාන්තාවක් සහ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න යතුරුපැදි, ත්‍රි රෝද රථ හා රන් භාණ්ඩ සමඟ අද (08) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි. 08 November 2018
මැදිරිගිරියේ ගැබිණි මව්වරු පාරට බසිති මැදිරිගිරිය මූලික රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාදෙන ලෙසට බල කරමින් ගැබිණි මව්වරු 15ක් පමණ අද (8) උදෑසන මැදිරිගිරිය කළගෙඩි පාලම අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 08 November 2018
කුරුවිට මැදි විදුහලේ පන්ති දෙකක් නායයාමේ අවදානමක කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති හතරක් පැවැත්වෙන තාවකාලික ගොඩනැගිලි දෙකක් ස්ථාපිත කර ඇති භූමියේ ඉවුරෙන් කොටසක් කඩා වැටීමෙන් පසු එම ගොඩනැගිලි දෙකේ ද පිපිරීම් සලකුණ මතුවීම නිසා දරුවන් 150 ක් පමණ ඉවත් කිරිමට අද (8) පියවර ගත් බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2018
කීඩෑ වසංගතයෙන් බැට කෑ ගොවීහු කබලෙන් ලිපට කීඩෑ වසංගතයෙන් බැට කමින් කුඹුරු වගා කළ තමන්ට වන්දි ලබාදීම තබා වගා හානි සඳහා පිරවිය යුතු පෝරමවත් ලැබී නොමැති බව කොට්ටුකච්චිය ගොවීහු පවසති. 08 November 2018
බස්-යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට බලන්ගොඩ හොරකැටිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවකු අද (08) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 08 November 2018
ගම්පහ අධිකරණයට ගෙනා ආ සැකකරුවෝ 3ක් පලා යති මහර බන්ධනාගාරය මගින් ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති අතර එක් සැකකරුවෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත් වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 07 November 2018
අනවසරෙන් වැලි ගොඩ දැමු 11ක් පොලිස් දැලේ මහියංගන,දඹාන,කුකුලාපොල රජයේ රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී මීයන්නේ ඔයේ වැලි ගොඩදැමූ පුද්ගලයින් 11 දෙනෙකු සහ ඔවුන් සතුව තිබූ ට්‍රැක්ටර් පහක් අද (07) අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි. 07 November 2018
නිල වාහනය රියැදුරු පුහුණු පාසලකට දුන් නිලධාරියකු ගැන පරීක්ෂණ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරුවරයකු රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා නිල වාහනයක් වසර 4ක් තිස්සේ භාර නොදී එය රියැදුරු පුහුණු පාසලක පුහුණුව සඳහා යොදවා ඇති බව නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා විසින් සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ. 07 November 2018
බන්ධනාගාර නිලධාරියෙකු ගැන පැමිණිල්ලක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුගේ විෂමාචාර ක්‍රියා රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. 07 November 2018
සෝමාවතියට යන මාර්ගයත් ජලයෙන් යටවෙයි සොමාවතිය පුදබිම් මාර්ගය මහවැලි ගඟ පිටාර ගැලීම නිසා කිලෝමිටර් දෙකක් පමණ ජලයෙන් යටවීම නිසා (07) පස්වරුවේ සිට එම මාර්ග වසා දමා ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි. 07 November 2018
පාලමක් ගැලවී මින්නේරිය හතරැස් කොටුව මර්ගයේ ගමනාගමනයට බාධා අධික වර්ෂාවත් සමඟ මින්නේරිය හතරැස් කොටුව මාර්ගයේ 14 වැනි සැතපුම් කනුව අසල පිහිටි පාලම ගැලවීයාම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු නතරවී ඇතැයි ප්රදේශවාසිහු කියති. 07 November 2018
මංකොල්ල රැසකට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට කුලී පදනම මත වාහන ගෙන රට වටා ගොස් මංකොල්ල කෑම්වල නිරත වුණු පුද්ගලයින් දෙදෙනෙකු තංගල්ල සංවිධානාත්මක අපරාධ මැඩලිම් ඒකකයේ හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 November 2018
ඇළට වැටුණු දරුවා මරුට කන්දකැටිය ප්‍රදේශයේ දී අද (07) දහවල් ඇළකට වැටී ගසාගෙන ගිය දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 07 November 2018
වැසි ජලයෙන් නාවලපිටිය නගරයේ කොටසක් යටවෙයි මධ්‍යම කදුකරයට අද (07) පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය . 07 November 2018
බෝක්කු බාගෙට හදලා - ගලෙන්බිඳුනුවැව ගමකට යන පාරක් යටවේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයට අයත් ,යකල්ල පුබුදුගම මාර්ගයේ බොක්කු ප්‍රමිතියකින් තොරව ඉදිකිරිම නිසා එම ගම්මානයේ නිවාස කුඩා වැස්සටත් යට විමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට ගම්වාසීහු චෝදනා කරති. 07 November 2018
අඹන් ගඟ පිටාර ගලයි බෝවතැන්න ජලාශයේ උමං පිටවුමේ දොරටු විවෘත කිරීමත් සමඟ අඹන් ගඟ පිටාර ගැලීම ආරම්භ වූ බව ජලාශයේ තාක්ෂණික ඉංජිනේරු එම්.එච්.එන්.ආර්.බණ්ඩාර මහතා පවසයි. 07 November 2018
ඇළ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් දිඹුල- පතන පොලිස් වසමට අයත් ක්වින්ස්බේරී වත්තේ පහළ කොටසේ ක්වින්ස්බේරී ඔයේ ජලයේ රැඳී තිබියදී පුද්ගල මළ සිරුරක් අද (07) සොයා ගත් බව දිඹුල-පතන පොලිසිය පවසයි. 07 November 2018
වල්ලපට්ටා කැපූ තිදෙනෙකුට දඩ නීති විරෝධි ලෙස කොට්ටව රක්ෂිතයේ වල්ලපට්ටා කපන ලද පුද්ගලයින් තිදෙනෙකුට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ පනස් අට දහස් පන්සිය බැගින් රුපියල් හාරලක්ෂ හැත්තෑපන් දහසක දඩ නියම කොට අත් අඩංගුවට ගන්නා ලද වල්ලපට්ටා තොගය සහ ඒවා කැපීමට යොදාගත් ආයුධ රාජසන්තක කිරීමට නියෝග කළාය. 07 November 2018
ලුණුවිල සති පොළේ පුද්ගල සිරුරක් අබිරහස් අන්දමින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ලුණුවිල සති පොළේ ගොඩනැගිල්ලක තිබි අද (07) හමුවූ බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 07 November 2018
පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ බොරැල්ල පුවලිංගම් පෙදෙසේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 07 November 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026