(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරුවරයකු රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා නිල වාහනයක් වසර 4ක් තිස්සේ භාර නොදී එය රියැදුරු පුහුණු පාසලක පුහුණුව සඳහා යොදවා ඇති බව නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා විසින් සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙම නිලධාරියා මේ වනවිට නගර සභාවේ වෙනත් ස්ථානයක රාජකාරී කරමින් එම ආයතනයෙන්ද රාජකාරි වාහනයක් ලබාගෙන ඇතැයිද මෙම නිලධාරියා සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් වැඩ තහනම් කරන ලෙසට නිර්දේශ කරමින් නාගරික කොමසාරිස්වරය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ලිපියක්ද යවා ඇත.
ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පරීක්ෂණ කමිටුවක් පත්කර දින 14ක් ඇතුළත ඒ පිළිබඳව වාර්ථාවක් කැඳවා තිබේ.මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා විසින් රහස් පොලිසියටද පැමිණිලි කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිල වාහනය රියැදුරු පුහුණු පාසලකට දුන් නිලධාරියකු ගැන පරීක්ෂණ