IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බෝක්කු බාගෙට හදලා - ගලෙන්බිඳුනුවැව ගමකට යන පාරක් යටවේ

දයාරත්න ඇඹෝගම 
 
ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයට අයත් ,යකල්ල  පුබුදුගම මාර්ගයේ බොක්කු ප්‍රමිතියකින් තොරව ඉදිකිරිම නිසා එම  ගම්මානයේ නිවාස කුඩා වැස්සටත් යට විමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට ගම්වාසීහු චෝදනා කරති.
 
පවුල් 200ට  අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මාර්ගය හරහා යොදා ඇති බෝක්කු මාර්ගය කානු පද්ධතියට වඩා උසින්   සෑදීමෙ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව  ඔවුහු පවසති.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රි අජිත් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
 
‘‘මෙම ගම්මානයට පිවිසෙන මාර්ගය 2016 වසරේ ජාතික  ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් ලක්ෂ 9.80,290.67 ක මුදලක් වෙන් කොට තිබුනා. පලුගොල්ලාගම අරුණෝදය ග්‍රාම සංවර්ධන සමිතිය මගින් 2016/12/07 දින ව්‍යාපෘතිය ආරම්භ කොට 2016/12/30 වන දින වැඩ අවසන් කලා.නමුත් අදාල  ඉදිකිරිම් නිසි නිසි ආකාරයට සිදුවෙලා නැහැ. ‘‘
 
මේ සම්බන්ධයෙන්   ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය.
 
‘‘මෙම මාර්ගයේ බොක්කු ඉදිකිරීම සඳහා වෙන්කළ මුදල් සම්පුර්ණයෙන්ම යොදවන්න බැරිවුනා. කොටසකින් පමනයි බොක්කු දමා තිබෙන්නේ.පසුගිය වසරේ වැස්ස නිසා ඉදිකිරීම් කරන්න බැරිවුණා. ඒ නිසා එම මුදලින් කොටසක් ආපසු යවන්න සිද්ධ වුණා.
 
මාර්ගයේ ඉතිරි බොක්කු දැමීම සඳහා මුදල් ඉල්ලා තිබෙනවා.මේ බව සම්බන්ධිකරණ කමිටුවටත් දන්වා තිබෙනවා. මුදල් ලැබුනොත් ඉතිරි බොක්කු දමන්න පුලුවන් එහෙම වුනොත් මේ ගැටලුව නිරා කරණය  කළ හැකියි.‘‘



අදහස් (0)

බෝක්කු බාගෙට හදලා - ගලෙන්බිඳුනුවැව ගමකට යන පාරක් යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site