අ’පුරේ ප්‍රා.ලේ කාර්යාලය ඉදිරිපිට අඹුසැමි යුවළක් විරෝධතාවයක අනුරාධපුර පොලිසියට විරුද්ධව තමා හා තම බිරිඳ විසින් මානව හිමිකම් කොමිසම වෙත කළ පැමිණිලි හතරක් සම්බන්ධයෙන් කිසිදු සාධාරණ විමර්ෂණයක් සිදු වී නැතැයි පවසමින් අඹුසැමි යුවළක් අද (15) මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ. 15 November 2018
නිත්තකෛක්කුලම් වැව් බැම්ම පිළිසකර කෙරේ පසුගිය 08 වනදා කැඩී ගිය මුලතිව් නිත්තකෛක්කුලම් වැව් බැම්ම පිළිසකර කිරීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යුද හමුදාව විසින් ඊයේ (14) දින පියවර ගෙන ඇත. 15 November 2018
හෝමාගම ප්‍රාදේශීය සභාවත් ඇවිළෙයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවැති අද (15) දින සභා වාරය පැවැත්වෙන අතරතුර එම සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම කළු පැහැති ඇදුම් පැළඳ විරෝධතා පුවරු ද රැගෙන සභා රැස්වීමට පැවැති පරිශ්‍රයට ඇතුළු වීමත් සමඟ ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන පොදුජන පෙරමුණේ මන්ති‍්‍රවරු විරෝධතාකරුවන්ට තණකොල ලබා දෙමින් කෑකෝ ගසමින් විරෝධය පල කිරීම නිසාවෙන් දැඩි උණුසුම් තත්වයක් ඇති විය 15 November 2018
අනතුරකින් යතුරු පැදිකරු මරුට ගලේවෙල මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව විදුහල අසළදී මාර්ගයේ යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට රිය පැදවූ යතුරු පැදිකරුවකු විදුලි කණුවක ගැටී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලබා රොහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 15 November 2018
මඩු රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි මන්නාරම් මඩු රක්ෂිතයේ ඉතා රහසිගතව සිදු කරගෙන ගිය දැව ජාවාරමක් වටලා දැව ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරීහු පවසති. 15 November 2018
පුත්තලමට අධික මීදුම් තත්වයක් අධික මීදුම් තත්වයක් හේතුවෙන් අද (15) අලුයම සිට පුත්තලම සහ අවට ප්‍රදේශ ගණනාවක මාර්ග වැසී ගොස් තිබු ආකාරය දැකගත හැකිවිය. 15 November 2018
පෙම්වතුන් බිය කර මුදල් කොල්ල කෑ අයෙක් රිමාන්ඩ් දඩල්ල මුහුදු වෙරලට පැමිණෙන පෙම්වතුන් බියට පත්කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර් ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 14 November 2018
රුහුණේ සම සෞඛ්‍ය සිසුහු වීදී බසිති රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පා ගමනක් අද (14) ගාල්ලේදී පැවැත්විණි. 14 November 2018
වෛද්‍යවරයෙක්ගෙන් කප්පම් ඉල්ලූ අයෙක් රිමාන්ඩ් තංගල්ල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලා සිටීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම මස 28 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද (14) නියෝග කළේය. 14 November 2018
මාදම්පේ උද්ඝෝෂණයකින් මාර්ග අවහිර වෙයි මාදම්පේ සිට මැදගම හරහා විලත්තව දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පැවති විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන මුළු මනින්ම අඩාලවිය. 14 November 2018
බෙලිඅත්ත ප්‍රා සබේ උණුසුම් තත්ත්වයක් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අද (14) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු හා ප්‍රාදේශීය ලේකම්වරිය අතර අර්බුදකාරී තත්වයක් ඇති විය. 14 November 2018
සෝමාවතී පුද බිමට පිවිසෙන මාර්ගය යළි විවෘත කරයි තාවකාලිකව වසා දමා තිබූ සෝමාවතී පුදබිමට පිවිසෙන මාර්ගය අද (14) සිට යළි විවෘත කරන බව පොලිසිය කියයි. 14 November 2018
කැස්බෑව වැව රක්ෂිතයේ ජීව අත්බෝම්බයක් විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් කැස්බෑව වැව රක්ෂිතයේ තිබී අද (14) හමු වූ බව පිළියන්දල පොලිසිය පවසයි. 14 November 2018
නැ’ හිර නව මැතිවරණ කොමසාරිස්වරයෙක් නැගෙනහිර පලාතේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස ත්‍රිකුණාමලය සහකාර පළාත් පාලන කොමසාරිස් එස්. සුදාකරන් මහතා මැතිවරණ කොමිසන් සභාව විසින් පත්කර ඇත. 14 November 2018
ජීව අත්බෝම්බයක් සමඟ අපරාධකරුවෙක් අත්අඩංගුවට අපරාධ කිහිපයකට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් විදේශීය රටක ජීව අත්බෝම්බයක් සමඟ ඊයේ රාත්‍රියේ (13) පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 14 November 2018
බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය ගෙනගිය තරුණයන් 5ක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර ගතකර සිටින සිය පියාට දත්බෙහෙත් ටියුබයක බහා හෙරොයින් ද සබන් කෑල්ලක සඟවා ජංගම දුරකථන සිම්කාඩ් පතක් ද රැගෙන යාමට උත්සාහ කළ පුතෙකු ඇතුළු තරුණයන් 5දෙනෙකු ඊයේ (13) සවස අත්අඩංගුවට ගත්බව බදුල්ල පොලිසියේ රථවාහන අංශය පැවසීය. 14 November 2018
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ මහියංගනයේ රතිඤ්ඤා පත්තුවෙයි පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමත් සමඟ මහියංගන නගරයේ රතිඤ්ඥා දල්වා නගරවාසීන් සිය සතුට ප්‍රකාශ කළේය. 13 November 2018
සෝමාවතිය මාර්ගය බර වාහන සඳහා විවෘත කරයි පැවැති අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් වසා දැමුණු පොළොන්නරුව - සෝමාවතිය මාර්ගයේ සුංගාවිල, පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්වා කොටස රථ වාහන ගමනා ගමනය සඳහා අද (13) විවෘත කළ බව පුලස්තිපුර පොලිසිය කියයි. 13 November 2018
බෝතල් පහරකින් කතක් මරුට හිසට වැදුණු බෝතල් පහරකින් දෙමටගොඩ ප්‍රදේශයේ 28 හැවිරිදි කාන්තාවක අද (13) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි. 13 November 2018
අ’පුර නගර සභාවට ගම්වාසීන් පිරිසක් කඩා වදී අනුරාධපුර නගර සභාව මගින් නගරයේ කැළි කසල අනුරාධපුර කිරික්කුලම ගම්මානයට රැගෙන යාමට විරෝධය පලකරමින් ගම්වාසින් පිරිසක් අද (13) අනුරාධපුර නගර සභාවට කඩාවැදී විරෝධතාවයක නිරතවුහ. 13 November 2018
නීතිඥ සුමිත් විජේසිංහ තෙල් සංස්ථා සභාපති තනතුරට ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස නීතිඥ සුමිත් විජේසිංහ මහතා පත්කර ඇත. 13 November 2018
කෙසෙල්ගමු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු නතරකරලීමෙන් නොසන්සුන්තාවක් කෙසෙල්ගමුඔය පිටාර ගැලිම අවම කිරිම සදහා කෙසෙල්ගමු ඔය කපා පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව භාර ගත් කොන්ත්‍රාත්කරු එම කොන්ත්‍රාත්තුව සිදු කිරිමට නොහැකි බව අද (13)පැවසිමත් සමඟම නොර්වුඩ් ප්‍රදේශවාසින් හා කොන්ත්‍රාත්කරු අතර නෙසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය. 13 November 2018
දියවන්නා ඔයේ මළ සිරුරක් රාජගිරිය බුලත්ගමුව පාරේ පාලම අසළ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (13) උදෑසන සොයා ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. 13 November 2018
පාසල් සිසුන්ට නීතීවිරෝධිව ඖෂධ අලෙවි කළ තිදෙනෙකු අත්ඩංගුවට නීතී විරෝධි ලෙස ඖෂධ අලෙවි කළ ගම්පහ සීදුව ප්‍රදේශයේ ඔසු සල් 03 ක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 13 November 2018
ලොකු ලූනු ගොවියා කබලෙන් ලිපට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූනු විශාල වශයෙන් අලෙවි කිරීම හේතුවෙන් දඹුල්ල ගලේවෙල සීගිරිය ආදී බල ප්‍රදේශවල ගොවීන්ට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිව ගොවිපලවල ගබඩාවල නරක් වී තිබී ඉවත් කිරීමට සිදුව ඇතැයි ගොවීහු පෙන්වා දෙති. 13 November 2018
ව්‍යාජ පැමිණිල්ලක් කළාට කතක් අත්අඩංගුවට දිවා කාලයේ නිවසට පැමිණි පුද්ගලයකු තියුණු ආයුධයක් පෙන්වා තමා බිය ගන්වා ලක්ෂ පහක් වටිනා රන් භාණ්ඩ තොගයක් පැහැරගෙන ගිය බවට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර තිබූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 13 November 2018
සෆාරී ජීප් රියක් ගිනිගනී සීගිරිය දිගම්පතහ ඉදිගස් වැව ප්‍රදේශයේ නවතා තිබූ ජීප් රථයක් අද (13) දින අලුයම සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි සිගිරිය පොලිසිය කියයි. 13 November 2018
ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ඉකුත් පළාත් පාලන මැතිවරණයට කලුතර ප්‍රාදේශීය සභාවෙන් ඉදිරිපත් වී පරාජයට පත් වූ අපේක්ෂකයකු හා ඔහුගේ මස්සිනා සමඟ කේරල ගංජා ග්‍රෑම් 300ක් බණ්ඩාරගම ගල්කුඩේ පාලම අසල දී අද (13) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 13 November 2018
දකුණු සබේ එජාප මන්ත්‍රීවරු විරෝධතාවක ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට විරෝධය පලකරමින් අද (13) පැවති දකුණු පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කලුපාට සාටක පැළඳ පැමිණි අතර සභා ගර්භයට පැමිණිමට පෙර ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුහ. 13 November 2018
කරාපිටිය රෝහලේ සිටි රෝගියකුගේ සිරුරක් ඇළකින් සොයා ගනී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ සිරුරක් මීපාවල හෝලුවාගොඩ ඇලේ තිබී සොයාගෙන ඇතැයි පෝද්දල පොලිසිය පවසයි. 13 November 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026