රොමේෂ් මධුෂංඛ
පසුගිය 08 වනදා කැඩී ගිය මුලතිව් නිත්තකෛක්කුලම් වැව් බැම්ම පිළිසකර කිරීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යුද හමුදාව විසින් ඊයේ (14) දින පියවර ගෙන ඇත.
මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද වාරිමාර්ග නිලධාරීහුද මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සෙබලු ද එක්ව මෙම වැව් බැම්ම පිළිසකර කිරීමට පියවර ගත්හ.
පසුගිය 08 වනදා නිත්තකෛයික්කුලම් වැව් බැම්ම කැඩී යාමෙන් ගොවීන් 6 දෙනෙකු අතුරුදහන් වූ අතර ඔවුන් ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් බේරාගන්නා ලදී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd