පෙම්වතියගේ මව මැරූ පෙම්වතා අත්අඩංගුවට සිය පෙම්වතියගේ 60 හැවිරිදි මවට පොල්ලකින් පහරදී ඝාතනය කළැයි කියන 23 හැවිරිදි පෙම්වතා කිතුල්හිටියාවේදී අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි. 18 November 2018
ගණිකා නිවාස 15 ක් වටලා 49 ක් අත්අඩංගුවට ගම්පහ දිස්ත්‍රික්කය සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 15 ක් වටලා 49 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 18 November 2018
‘19 දාත් ව්‍යස්ථා විරෝධි ලෙස කථානායක හැසිරුනොත් අපේ බලය පෙන්වනවා’ කථානායක දැන් නාකි අලියෙක් බිරි වෙලා හැබැයි අපි එකක් කියනවා 19 දා නැවතත් පාර්ලිමේන්තුවේ දී ව්‍යස්ථා විරෝධි ලෙස හැසිරෙන්න කටයුතු කළහොත් එදාටත් පාර්ලිමේන්තුවේ බලය අපි අපේ අතට ගන්නවා කියන එක පැහැදිලිව මතක් කරනවා යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය. 18 November 2018
මල් වෙළඳාමේ නිරතව සිටි කතක් ඝාතනය කරයි කලුතර පාලම අසල මල් කඩයක් තුළදී ඊයේ (17) රාත්‍රීයේ මල් වෙළඳාමේ නිරතව සිටි කාන්තාවකට ඇගේ ස්වාමි පුරුෂයා පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය පවසයි. 18 November 2018
සමන් දේව පෙරහැර දෙසැම්බර් 21දා මෙවර 2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර දෙසැම්බර් මස 21 දින පෙරවරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ සමන් දේව මන්දිරයේ සිට ශ්‍රීපාද මණ්ඩපය දක්වා ශ්‍රී සර්වඥධාතූන් තැන්පත් සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමා වහන්සේ පෙරහරින් වැඩම කරවන බව ශ්රීපාදස්ථානාධිපති පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහාවිහාරය යන උභය විහාරාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න මහ නාහිමියන් පැවසුවේය. 17 November 2018
සමන් දේව පෙරහැර දෙසැම්බර් 21දා මෙවර 2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර දෙසැම්බර් මස 21 දින පෙරවරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ සමන් දේව මන්දිරයේ සිට ශ්‍රීපාද මණ්ඩපය දක්වා ශ්‍රී සර්වඥධාතූන් තැන්පත් සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමා වහන්සේ පෙරහරින් වැඩම කරවන බව ශ්රීපාදස්ථානාධිපති පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහාවිහාරය යන උභය විහාරාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න මහ නාහිමියන් පැවසුවේය. 17 November 2018
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල හැටන් සිට නුවරඑළිය බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (17) පස්වරු 05.00 ට පමණ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේදී අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කළ බව නානුඔය පෙලීසිය පවසයි.. 17 November 2018
කසල අංගනයට විරෝධය පාමින් පිරිසක් දුම්රිය මග හරස් කරති අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (17) දින අරුවක්කාඩු දුම්රිය මාර්ගය හරස් කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට පැය හතරකට ආසන්න කාලයක් බාධා එල්ල වූ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 17 November 2018
වායුකාන්දුවකින් වැලිගම මිරිස්සේ නොසන්සුන්තාවයක් අද උදැසන වැලිගම මිරිස්ස පෙදෙසෙහි පිහිටි අයිස් නිෂ්පාදනාගාරයේ ප්‍රියෝන් වායු නලයක වායු කාන්දුවක් නිසා පෙදෙසෙහි නොසන්සුන්තාවයක් පැවති බව වැලිගම පොලිසිය පවසයි. 17 November 2018
හික්කඩුව හෝටල් කාමරයක හදිසි ගින්නක් හික්කඩුව වැවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක තුන්වැනි මහලේ කාමරයක අද (17) උදැසන ඇතිවු ගින්නකින් එම කාමරය සම්පූර්ණයෙන්ම හානිවි ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 17 November 2018
කාන්තා මළසිරුරක් ළිඳකින් හමුවේ ගල්කිරියාගම බෝගහවැව ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණ. 17 November 2018
හම්බන්තොට සිර මැදිරියට ගංජා ගෙන ආ අයෙක් රිමාන්ඩ් අධිකරණයේ සිර මැදිරිය වෙත ගංජා මිලි ග්‍රෑම් 200ක් සහ සුරුට්ටු 05ක් රැගෙන ආ පුද්ගලයකු නොවැම්බර් 21 වන දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ. ඒ. නාලක සංජීව ජයසූරිය මහතා අද (16) නියෝග කළේය. 16 November 2018
ආණමඩුව ප්‍රා. සභාපති ඇතුළු 6කට ඇප ආණමඩු නගරයේ කළහකාරි ලෙස හැසිරී පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආණමඩුව ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු සඳහා එක් අයකුට රුපියල් 50,000ක බැගින් ශරීර ඇප දෙක බැගින් නියම කර ඇප මත මුදා හැරීමට ආණමඩුව මහේස්ත්‍රාත් ජනනී එස්. විජේතුංග මහත්මිය අද (16) නියෝග කළාය. 16 November 2018
‘ගජ’ සුළි කුණාටුවෙන් යාපනයේ 2800ක් පීඩාවට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ දින කිහිපයක් තිස්සේ පවතින ‘ගජ’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ සැඩ සුළං හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 220කට අයත් 2,793 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 16 November 2018
සා.පෙළ පාසල් සිසුන් 395,423දෙනෙකුට අලුතින් හැඳුනුම්පත් ලබන දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගයට ප්‍රථම පාසල් සිසුන් 395,423දෙනෙකු සඳහා අලුතින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 16 November 2018
දඩයමට ගිය අයකුගේ මළ සිරුරක් හමුදාවෙන් සොයාගනී දඩයමට ගොස් ආපසු නිවසට නොපැමිණි මුලතිව් කොක්කුතුඩුවායිහි වැසියකුගේ මළ සිරුරක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඊයේ(15) සවස සොයාගත් බව කෝකිලායි පොලීසිය පවසයි. 16 November 2018
මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ඝාතනය කරයි අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙකු මීට සුළු මොහොතකට පෙර ඝාතනය කර ඇතැයි අගුණකොලපෑලැස්ස බන්ධනාගාර අධිකාරීවරයා පැවසීය. 16 November 2018
පූගොඩ නිවසක තිබී ගිනි අවියක් අත්අඩංගුවට පූගොඩ නිවසක සඟවා තිබූ බෝර 12 වර්ගයේ තුවක්කුවක් සහ ජීව පතොරම් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි. 16 November 2018
ගින්නකින් වෙළඳසල් දෙකක් විනාශයට තලවකැලේ නගරයේ වෙළෙඳ සැල් දෙකක් අද (16) අලුයම ගිනිගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශව ගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 16 November 2018
රන් බිස්කට් තොගයක් සමඟ ව්‍යාපාරිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 16 November 2018
ටිපර් රථයක ගැටී කුඩා දැරියක් මියයයි වැලිගම අකුරැස්ස මාර්ගයේ සිදුවූ අනතුරකින් 7 හැවිරිදි දැරියක ජිවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි.වැලිගම - අකුරැස්ස මාර්ගයේ දෙණිපිටිය කඩේවත්ත ප්‍රදේශයේදී අද (15 ) මෙම අනතුර සිදුවී ඇත. 15 November 2018
කාර් රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කාර් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී කාර් රථය දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු අද (15) මිය ගොස් ඇති බව අරියාලෙයි පොලීසිය කියයි. 15 November 2018
ලක්ෂ 10 ක බ්‍රවුන් ෂුගර් සමඟ 2ක් අත්අඩංගුවට කොළඹ සිට පුත්තලම නාගවිල්ලුවට රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත් කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකය පවසයි. 15 November 2018
වැසි වතුර නිසා කල්පිටියේ ගමක් අසීරුතා රැසක මාසයකට ආසන්න කාලයක් තිස්සේ මහ වැසි වලින් ගලා ආ ජල කඳ කල්පිටිය කරඹ ගම්මානයේ රැඳී තිබීම නිසා ගම්වාසීහු අපහසුතාවට පත්ව සිටිති. 15 November 2018
පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයා අභිරහස් ලෙස මිය ගිහින් මුලතිව් විශ්වමඩු කුමාරපුරම් ප්‍රදේශයේ පදිංචි පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෙකු වන ජී. විජිතන් අභිරහස් ලෙස මිය ගොස් ඇති බව ඔහුගේ ඥාතීහු කියා සිටිති. 15 November 2018
පාතහේවාහැට ප්‍රා.සබේ රැස්වීමට එජාපයේ මන්ත්‍රීවරු නෑ අද (15) පැවැත්වෙන පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයකු සහභාගී නොවීම කැපී පෙනෙන සිද්ධියක් විය. 15 November 2018
හාලිඇළ ප්‍රා. සභාව ඉදිරිපිට උද්ඝෝෂණ ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුව තුළ රට අස්ථාවර වන පරිදි කටයුතු කරන බව පවසා ඊට විරෝධය පලකරමින් වහාම මැතිවරණයක් කැඳවන ලෙස ඉල්ලා හාලිඇළ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අද (15) දහවල් නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. 15 November 2018
යක්කල වික්‍රමආරච්චි සිසුහු උද්ඝෝෂණයක යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයෙහි සිසුන් 19 දෙනෙකුට අසත්‍ය චෝදනා නගමින් පන්ති තහනම් කිරීමට සැලසුම් කිරීම ඇතුළු ගැටළු කිහිපයකට විරෝධය පළකරමින් අද (15) දහවල් එම විද්‍යායතනය ඉදිරිපිට සිසුහු උද්ඝෝෂණයක් පැවැත්වූහ. 15 November 2018
මාදුරුඔය රක්ෂිතයේ දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනන්නේගල ආරණ්‍ය සේනාසනය ප්‍රදේශය තුළ සතුන් දඩයම් කළ තිදෙනෙකු මස් හා තුවක්කු දෙකක් සමඟ අද (15) අත්අඩංගුවට ගත් බව කන්දේගම අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. 15 November 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026