(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය දිගම්පතහ ඉදිගස් වැව ප්‍රදේශයේ නවතා තිබූ ජීප් රථයක් අද (13) දින අලුයම සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි සිගිරිය පොලිසිය කියයි.
මෙම ජීප් රථයක් විදේශික සංචාරකයන් අලි බැලීම සඳහා යොදා ගන්නා සෆාරී ජීප් රථයක් බව පොලිසිය කියයි.
මෙම ජීප් රථයට කිසියම් පිරිසක් ගිනි තැබුවේ ද එසේත් නැත්නම් කාර්මික දෝෂයකින් ගින්න හට ගත්තේ ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
මෙහි හිමිකරු වන දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්ත නැමැති අයෙකු කියා සිටියේ තමන් පෞද්ගලික අවශ්‍යතාවයක් මත ඉඳිගස්වැව ප්‍රදේශයට 12 දින ගමන් කරමින් සිටියදී තම රථයේ තිරිංග අක්‍රිය වීම නිසා එම ස්ථානයේම ජීප් රථය නවතා තමන් වෙනත් රාජකාරියකට පිටව ගිය බවයි.
පසුව උදේ නැවත එම ස්ථානයට පැමිණ බලන විට තම ජීප් රථය ගින්නෙන් විනාශ වී තිබුණු බව හෙතෙම පොලිසියට ප්‍රකාශ කළේය.
එහෙත් පොලිසිය එම ප්‍රකාශය පිළිබඳව වෙනම පරීක්ෂණයක් පවත්වන බව සීගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෆාරී ජීප් රියක් ගිනිගනී