අනීෂා මානගේ
තංගල්ල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලා සිටීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම මස 28 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද (14) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්වූයේ තංගල්ල මූලික රෝහලේ සාත්තු සේවකයෙක් ලෙස සේවයේ නිරතව සිටි එන්.ජී.මධුශංක (23) නම් ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඉකුත් 06 වැනිදා තංගල්ල මූලික රෝහලේ සේවයේ නියුතු හා නාරි විශේෂඥ වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ රුපියල් ලක්ෂ පහලොවක කප්පම් මුදල් ලබා නොදුන්නහොත් වෛද්‍යවරයා හෝ වෛද්‍යවරයාගේ දරුවා ඝාතනය කරන බවයි.
වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර දුරකථන ඇමතුම ලබාදුන් අංකය ඔස්සේ විමර්ශන සිදුකර සැකකරු ඊයේ(13) තංගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරයෙක්ගෙන් කප්පම් ඉල්ලූ අයෙක් රිමාන්ඩ්