IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාදම්පේ උද්ඝෝෂණයකින් මාර්ග අවහිර වෙයි

(ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු )      

මාදම්පේ සිට මැදගම හරහා විලත්තව දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පැවති විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන මුළු මනින්ම අඩාලවිය.
 
මාදම්පේ - විලත්තව මාර්ගයේ ඉස්සම්මැඩිල්ල ප්‍රදේශයේදී අද (14) මෙම විරෝධතාවය පැවැත්වුණි.
 
වසර ගණනාවකින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර නොමැති බැවින් මාර්ගයේ ගමන් කිරීමට නොහැකි බව  පවසමින් විරෝධාතරුවෝ  මෙම විරෝධතාව ඇරැඹුහ.


හිටපු කැබිනට් ඇමතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතා සහ පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පදිංචිව සිටින්නේද මෙම මාර්ගයේම බවද විරෝධතාකරුවන් කියා සිටියේය.
 
විරෝධතාකරුවන් විසින් සකස් කරන ලද ලිපියක් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් චානක ප්‍රේමසූරිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරී සරත් දිසානායක යන මහත්වරුන්ද බාර දීමද මෙහිදී සිදු විය.
 
මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2014 වර්ෂයේදී ඇස්තමේන්තු සකස් කර කැබිනට් අනුමැතියක්ද ලැබී ඇති නමුත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා මාර්ගය ප්‍රතිසංස්කරණය සිදු නොවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයා කියා සිටියේය.

 



අදහස් (0)

මාදම්පේ උද්ඝෝෂණයකින් මාර්ග අවහිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site