බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඉකුත් පළාත් පාලන මැතිවරණයට කලුතර ප්‍රාදේශීය සභාවෙන් ඉදිරිපත් වී පරාජයට පත් වූ අපේක්ෂකයකු හා ඔහුගේ මස්සිනා සමඟ කේරල ගංජා ග්‍රෑම් 300ක් බණ්ඩාරගම ගල්කුඩේ පාලම අසල දී අද (13) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
මෙම කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් 30,000ක් පමණ වන බව පොලිසිය පවසයි.
පැල්පොල ප්‍රදේශයේ පුද්ගලයකුට කේරල ගංජා විකිණීමට පැමිණෙන බවට පානදුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ මහතා ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd