(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පොලිසියට විරුද්ධව තමා හා තම බිරිඳ විසින් මානව හිමිකම් කොමිසම වෙත කළ පැමිණිලි හතරක් සම්බන්ධයෙන් කිසිදු සාධාරණ විමර්ෂණයක් සිදු වී නැතැයි පවසමින් අඹුසැමි යුවළක් අද (15) මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
මෙසේ විරෝධතාවයේ නිරත වුයේ ඩබ්. ජී. ඒ. විජේරත්න සහ ජී. එච්. සුදර්මා ශාන්තිලතා යන යුවළයි.
ශ්‍රාවස්තිපුර, මොරගොඩ ප්‍රදේශයේ තම නිවස ආසන්නයේ පවත්වා ගෙන ගිය සත්ව ගොවිපළ අනුරාධපුර පොලිසියේ පරිසර අංශයේ නිලධාරින් විසින් අසාධාරණ ලෙස තහනම් කර තමාව බන්ධනාගාර ගතකර සිය මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බව ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට තමා ඉදිරිපත් කළ පැමිණිලි පොලිස් නිලධාරින් පමණක් ගෙන්වා පරීක්ෂණ පවත්වා අවසන් කළේ යැයි ඔවුහු මානව හිමිකම් කොමිසමට චෝදනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් කොමිසම කියන්නේ අපේ සල්ලි ටිකෙන් සැප විඳින පිරිසක් ඉන්න තැනක්. එතන සාමාන්‍ය මිනිසුන්ට සරණක් නෑ. මමත් 2015 වසරේ ඉඳලා උත්සහ කරනවා මගේ රැකියාව සම්න්ධයෙන් වූ පැමිණිල්ලකට පිලිතුරක් ලබා ගන්න. අඩුම ගණනේ එතන ඉන්න නිලධාරියෙක් වත් හමුවෙන්න බෑ. සභාපතිනිය ඉන්නේ නින්දේ. එයා එයාගේ වරිගය ආරක්ෂා කරන්න හදන කෙනෙක්. සාමාන්‍ය මිනිසුන්ට නම් කිසිම සහනයක් ලැබෙන තැනක් නොවේ. ජනාධිපති අගමැති ගේ ලකුණු දාගන්න පහුගිය කාලයේ වැඩ කරපු හැටි පෙනුනා. ජාත්‍යන්තරයට මෙම කොමිසමේ වර්යිතමාන ක්‍රියාකාරිත්වය පෙන්නේ නෑ. කොමිසමේ ඉන්න පරීක්ෂණ නිලධාරීන්ම කියනවා මෙතනට ආවට වැඩක් නෑ කියලා. මම අත්දැකීමෙන් කියන්නේ.