නීතී විරෝධි ලෙස ඖෂධ අලෙවි කළ ගම්පහ සීදුව ප්‍රදේශයේ ඔසු සල් 03 ක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍ය නිර්දේශය නොමැතිව පාසල් සිසුන්ට නිතී විරෝධි ලෙස අධික මාත්‍රාවකින් යුතුවන සේ ඖෂධ අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුව බස්නාහිර පළාත උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු තෙරතුරක් මත බස්නාහිර පළාත උතුරු දිසා බුද්ධි අංශය හා ජාතික ඖෂධ හා සුවඳ විලවුන් අධිකාරිය මගින් මෙම වැටලීම සිදු කර තිබිණි.
පාසල් දරුවන්ට මෙලෙස ඖෂධ අලෙවි කිරීම කාලයක් තිස්සේ සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සිසුන් මත් ද්‍රව්‍ය වෙනුවට එම ඖෂධ අධික මාත්‍රාවකින් ගන්නා බවද තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් තිදෙනාට ජාතික සුවඳ විලවුන් අධිකාරිය මඟින් නඩු පැවරීමට කටයුතු කිරීමට නියමිත අතර මෙවැනි වැටලීම් දිගින් දිගටම සිදු කරන බව බස්නාහිර පළාත උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පවසයි.
බස්නාහිර පළාත උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මෙම වැටලීම සිදු කර මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
(36698)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාසල් සිසුන්ට නීතීවිරෝධිව ඖෂධ අලෙවි කළ තිදෙනෙකු අත්ඩංගුවට