IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෙසෙල්ගමු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු නතරකරලීමෙන් නොසන්සුන්තාවක්


(රංජිත් රාජපක්ෂ )   

                   
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම අවම කිරිම සදහා කෙසෙල්ගමු ඔය කපා පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව භාර ගත් කොන්ත්‍රාත්කරු එම කොන්ත්‍රාත්තුව සිදු කිරිමට නොහැකි බව අද (13) පැවසිමත් සමඟම නොර්වුඩ් ප්‍රදේශවාසින් හා කොන්ත්‍රාත්කරු අතර  නෙසන්සුන්කාරි තත්ත්වයක්  ඇති විය.


කාසල්රි ජලාශයට බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය වැසි දින වලදි  නොර්වුඩ් ප්‍රදේශයේදි පිටාර ගැලිම නිසා ගග අසල පිහිටි නිවාස කිහිපයක් අවස්තා කිහිපයකදි ජලයෙන් යට විම නිසා අපදා කළමණාකරණ අමාත්‍යංශය විසින් එම ගග කපා පුළුල් කිරිමට රුපියල් ලක්ෂ 28 ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි.


කෙසෙල්ගමුඔය පිටාර ගලන ස්ථානයේ බහුලව මැණික් ඉල්ලම් තිබෙන නිසා එම ගග පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනිමට දැඩි තරගකාරිත්වයක් පැවති අතරල තලවකැලේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් එම ගග පුළුල් කිරිමේ  කොන්ත්‍රාත්තුව ලක්ෂ 14 කට අපදා කළමණකාරන  ඒකකය මගින් ටෙන්ටර් මගින් ලබාගෙන තිබුණි.


කෙසෙල්ගමුඔයේ මැණික් ඉල්ලම් තිබෙන නිසා ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය මගින් ගග කපා පුළුල් කිරිමේදි  කපා ඉවත් කරන  පස්වල ඇති මැණික් ඉල්ලම් ලබාගැනිම සදහා ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවෙකු විසින් ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරිය මගින් සිදු කරන ලද  වෙන්දේසියකින් එය රුපියල් ලක්ෂ 58 ක මුදලකට ලබාගෙන තිබුණි.


ගඟ පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු විසින් ගඟ පුළුල් කිරිමේ කටයුත්ත පසකලා ගං ඉවුරේ ඉවුරු ඛාදනයට  වගා කර ඇති උණ පදුරු සහ උණ ගස්  කපා පරිසර විනාශ  සිදු කරමින්  ගඟ පුළුල් කිරිමේ කටයුතු සිදු කළ නිසා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සහ නුවරඑලිය අපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරිමට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කොලන්දවෙල්  මහතා විසින්  කටයුතු කර තිබුණි.

 



අදහස් (0)

කෙසෙල්ගමු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු නතරකරලීමෙන් නොසන්සුන්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site