IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මඩු රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි

රොමේෂ් මධුෂංඛ
 

මන්නාරම් මඩු රක්ෂිතයේ ඉතා රහසිගතව සිදු කරගෙන ගිය දැව ජාවාරමක් වටලා දැව ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරීහු පවසති.


මඩු අඩවි වන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පූවර්සන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ද සමඟ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි වැටලීමකදී අදාළ දැව ජාවාරම් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.


වැටලීම සිදු කරන ලද අවස්ථාවේදී මඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත ගස් ඉරා එම දැව තොගයන් කැබ් රථයකින් හා ට්‍රැක්ටරයනික් මඩු රක්ෂිතය තුළදී ප්‍රවාහනය කරමින් සිටියදී දැව තොගය ද සමඟ ට්‍රැක්ටරය සහ කැබ් රථය පැදවූ සැකකරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගෙන ඇත.


මඩු රක්ෂිතයෙන් රහසිගතව කපන ලද දැව ඉතා සූක්ෂමව වවුනියාව ,මන්නාරම හා යාපනය යන දිස්ත්‍රීක්කවලට ප්‍රවාහනය කිරීමට දැව ජාවාරම් කරුවන් සැලසුම් කර තිබූ බවටද මඩු අඩවි වන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.



අදහස් (0)

මඩු රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site