සිරංගිකා ලොකුකරවිට සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ සිරුරක් මීපාවල හෝලුවාගොඩ ඇලේ තිබී සොයාගෙන ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මීපාවල පදිංචි එච්.ජී.අමල් ඉන්දික (35) නමැති එක් දරු පියෙකි.
කරාපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ඔහු අතේ සිදුවූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට පසුගිය දිනක රෝහලට ගිය විට ඔහු නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කර ඇති බව ද පොලිසි කියයි.
සඳුදා (12) දහවල් ඔහු රෝහලෙන් අතුරුදන්ව ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
ඔහුගේ සිරුර හෝලුවාගොඩ ඇලේ පාලම අසල තිබී සොයා ගත් බව ද පෝද්දල පොලිසිය පවසයි.
මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (13) දහවල් කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd