අජිත්ලාල් ශාන්තඋදය
කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති හතරක් පැවැත්වෙන තාවකාලික ගොඩනැගිලි දෙකක් ස්ථාපිත කර ඇති භූමියේ ඉවුරෙන් කොටසක් කඩා වැටීමෙන් පසු එම ගොඩනැගිලි දෙකේ ද පිපිරීම් සලකුණ මතුවීම නිසා දරුවන් 150 ක් පමණ ඉවත් කිරිමට අද (8) පියවර ගත් බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
මේ දිනවල සවස් යාමයේ ඇදහැලෙන මහ වැසි නිසා මෙම ස්ථානයේ අවස්ථා තුනක දී ඉවුරු කඩා වැටීම් සිදුවු බව පාසලේ ගුරුවරු පැවසූහ.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසකට ආසන්න ප‍්‍රමාණයක් ඉගෙන ගන්නා කුරුවිට මධ්‍ය විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙයි. නවවැනි ශ්‍රේණියේ සමාන්තර පන්ති හතරක් මෙම තාවකාලික ගොඩනැගිලි දෙකේ පවත්වාගෙන යනු ලබයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වට තරහ වෙන්න එපා. රජයේ ගොඩනැගිලි හදන්නේ පළාත් ඉංජිනේරු හෙවත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු ) කාර්යාලයට සම්බන්ද දෙපාර්තමේන්තුවට අයත් නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ. මෙම ගොඩනැගිලි හදද්දී ඉදිකරන ස්ථානයේ දිග පළලින් අඩියක්වත් බැහැර ගැන බැලීමක් නොකිරීම නිසා මෙය සිදුවෙලා ඇති කියල පේනවා. රජයේ නිළධාරීන් අනවදානයෙන් කටයුතු කිරීම විනය විරෝදී ක්‍රියාවක්.