(ටී.කේ.ජී.කපිල )
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (9) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම මුදල් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි නව ලක්ෂ දහහත් දහස් හාරසිය අනූ හයකි (1,09,17,496).
මොහු 58 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ පුවත්පත් කඩදාසි පිටු වලින් ඔතාගෙන , යූරෝ 50,000 ක් , ඇමෙරිකානු ඩොලර් 5,000 ක් සහ සිංගප්පූරු ඩොලර් 149 ක් සගවා ගෙන සිටියදී මෙම රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd