( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පුද්ගලයින් හැත්තෑ දෙනෙකු ඝාතනය කරමින් සිදු කළ ශ්‍රී ලංකා මහ බැංකු බෝම්බ ප‍්‍රහාරයේ චූදිතයින් වන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව මහාධිකරණය විසින් නියම කළ වසර 200 ක සිරදඬුවම ඉවත දමන ලෙස ඉල්ලා එම චූදිතයින් ගොනු කළ අභියාචනා පෙත්සම් නිෂ්ප‍්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.
එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා චූදිතයින් තිදෙනා ගොනු කළ පෙත්සම් දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කරමින් මෙම පෙත්සම් ඉවත දමන ලදී.
මෙම අභියාචනා පෙත්සම් ගොනු කරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වන විග්නේෂවරනාදන් පතිරන් ,කතිරාගුමන්තම් සිව කුමාර් සහ සෙල්වකුමාර් නර්මදන් යන නැමැත්තන්ය.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ තිබිණි.
මෙම අධි චෝදනා විභාගයට ගැනීමෙන් පසුව 2002 වසරේ ඔක්තෝබර් මාසයේ විත්තිකරුවන් සියලූ දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් කරමින් වසර 200 ක සිරදඬුවම් නියම කෙරිණි.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මියද , චූදිත අභියාචකයින් වෙනුවෙන් ආචාර්ය රංජිත් ප‍්‍රනාන්දු මහතා පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි