නීතී විරෝධිව මැලේසියාවට මැණික් ගෙන යන්න හැදු අයෙක් අත්අඩංගුවට මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (07) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් පවසයි. 07 November 2018
ගංජා සමඟ යුධ හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ඉපලෝගම පිංපාර හන්දිය අසලදී ගංජා ග්‍රෑම් 840ක් සමඟ යුධ හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි. 07 November 2018
ගංවතුරට කොටු වූ ගොවීන් 10 ක් බේරා ගැනේ වැලිකන්ද රුවන්පිටිය කුඩා ඔය ප්‍රදේශයේ ගංවතුරකට හසුවී ගසක් උඩ රැඳී සිටි වී ගොවීන් දසදෙනෙකු යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය එක්ව අද(07) පෙරවරුවේ මුදාගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 07 November 2018
දිගම්පතහට කරදරයක් වු අන්ධ අලියා අල්ලා ගනී දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ සැරසරන අන්ධ අලියකුට ප්‍රතිකාර කිරීම සීගිරිය වනජීවි නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ. 07 November 2018
සිසුවිය බලෙන් අඹුකමට තබාගත් අයෙක් අත්අඩංගුවට 15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අඹුකමට තබාගෙන සිටි 20 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. 07 November 2018
වෙන්නප්පුවේ මූල්‍ය ආයතනයක ඇති වු ගින්න නිවා දමයි වෙන්නප්පුව නගරයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක දෙවන මහලේ අද (07) උදෑසන ඇති වු ගින්නකින් එම ආයතනයේ දෙවන මහලේ පිහිටි පරිගණක හා විදුලි උපකරණ රැසක් විනාශ වි ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 07 November 2018
මුදල් වංචා 12කට නිවාස සමාගමක අධ්යක්ෂ සැකපිට මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ සිද්ධි දොළහකට අදාළව අධිකරණ කීපයක විභාග වන නඩු මගහැර සිටි පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයෙන් අද අත්අඩංගුවට ගෙන ඇත. 06 November 2018
කන්නෙලිය රක්ෂිතයේ වල්ලපට්ටා කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට කන්නෙලිය රක්ෂිතයේ නිති විරෝධිලෙස වල්ලපට්ටා කැපු පිය පුතු දෙදෙනෙකු වල්ලපට්ටා කිලෝ පහක් සමඟ අද (06) කන්නෙලිය රක්ෂිතය තුළදී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි. 06 November 2018
ලක්ෂ 89ක ස්වර්ණාභරණ ගුවන්තොටේදී අත්අඩංගුවට සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය. 06 November 2018
වතු සේවකයෝ පිරිසක් ගසක් මත නැගී විරෝධතාවයක තමන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උඩුගම නාකියාදෙණිය වතු කර්මාන්ත ශාලාවක සේවකයෝ පස් දෙනෙකු අද (06) අදාළ කම්හල ඉදිරිපිට පිහිටි ගසක් මත නැගී විරෝධතාවයක නිරතවුහ. 06 November 2018
‘ආර්ය අෂ්ටාංගික මාර්ගය සූත්‍ර පිටකය’ කෘතිය එළිදකී මහාචාර්ය ඔලිවර් අබේනායක විසින් රචිත ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය සූත්‍ර පිටකය’ ග්‍රන්ථය එළිදැක්වීම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ශාලාවේදී අද (06) පැවැත්විණි. 06 November 2018
ඩී.ඒ රාජපක්ෂ 51 වැනි ගුණ සමරුව දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පනස් එක් වැනි ගුණසමරු උත්සවය අද (06) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී පැවැත්විණි. 06 November 2018
විදුලිසැර වැදී දරුවෙක් මරුට මල්වානේගම නිවසකදි විදුලි සැර වැදිමෙන් 11 හැවිරිදි පිරිමි දරුවෙකු අද (06) පෙරවරුවේදි මියගිය බව තඹුත්තේගම පොලිසිය කියයි. 06 November 2018
හිඟයකින් තොරව පොහොර ලබා දෙන්නැයි කෘෂි ඇමැතිගෙන් උපදෙස් මහ කන්නයේ වී වගාව සහ අනෙකුත් වගාවන්ට නිකුත් කරන පොහොර වර්ග කිසිඳු හිඟයකින් තොරව ගොවි ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව සලසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදාහැරීමේ කටයුතුවල නිරත නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 06 November 2018
පස් කණ්ඩියක් වැටී හෙම්මාතගම-ගම්පොල මාර්ගය අවහිරවෙයි හෙම්මාතගම ගම්පොල මාර්ගයේ බලත්ගමුව කෙහෙල්පන්නල හන්දිය අසල ප්‍රධාන මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහාන ගමනාගමනය සිදු කෙරෙන බව පොලීසිය පවසයි. 06 November 2018
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියෝග දරු දෙදෙනාගේ නඩත්තු නොගෙවා මාස 06 ක කාලයක් පුරා සැඟවී සිටින ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පස්වරක් වරෙන්තු නිකුත් කර තිබුණත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම හේතූවෙන් කැලණිය කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියම කළාය. 06 November 2018
දුම්රියේ ගැටීමෙන් අයෙක් රෝහලේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු අනතුරට ලක්විය. 06 November 2018
මහව කාර්යාල දුම්රියේ ගින්නක් මහව සිට කොටුව දක්වා උදෑසන හතරයි හතලිස්පහට ගමන් ඇරඹු මහව කාර්යාල දුම්රිය බුද්ගමුවේදී ගිනි ගැනීමකට ලක් වු බව දුම්රිය ප්‍රකාශකයෙකු පැවසීය. 06 November 2018
ගාල්ලේ ප්‍රාදේශීය රෝහල් 5 ක් ඩිජිටල්කරණයට බිම් මට්ටමේ සෞඛ්‍ය ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් 5 ක බාහිර රෝගී සේවා සම්පුර්ණයෙන්ම පරිගණක ගත කිරීමට කටයුතු යොදා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. 05 November 2018
වසර 28 කට පසු යුද හමුදා ගොඩනැගිල්ලක් බාර දෙයි යුද සමයේ දී සහ යුද්ධයෙන් පසුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මන්නාරමේ වසර 28 ක් පුරාවට යුද හමුදාව රැඳී සිටි සමූපකාර ගොඩනැගිල්ලක් අද (5) මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතට බාර දීමට පියවර ගන්නා ලදී. 05 November 2018
ගරාජයේ තිබු පොලිස් ජීප් රථයට ගිනි තැබීම ගැන සොයා පරීක්ෂණ අලුත්වැඩියාව සඳහා ත්‍රිකුණාමලය විදුලිබලාගාර මාවතේ ගරාජයක් තුළ නවතා තිබු මුතුර් පොලිසියට අයත් ජීප් රථයක් ගිනි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලස්ථාන පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. 05 November 2018
මැදමුල්ලේ මත්පෙති සමඟ තරුණයෙක් අත්අඩංගුවට පානදුර මැදමුල්ල ප්‍රදේශයේ දී රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්පෙති පන්සියයක් සමඟ විසි හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි. 05 November 2018
අරුවක්කාඩු කසළ රදවනයට පුත්තලමේ වෛද්‍යවරු විරෝධය පාති ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනය ට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ පැවැත්වෙන සත්‍යග්‍රහයට පුත්තලම මුලික රෝහලේ වෛද්‍යවරු එක්ව ඔවුන්ට සහය දැක්වුහ. 04 November 2018
ඉගිණියාගල සමුද්‍රයේ ජල මට්ටම ඉහළට ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය. 04 November 2018
ආණ්ඩුවට සහය දෙන්න හෙට කොළඹට එන්න අලුත් ආණ්ඩුවකට සහය පළ කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හෙට (05) කොළඹට පැමිණෙන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 04 November 2018
ව්‍යාජ නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඉංගිරිය බොරලුගොඩදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි. 04 November 2018
ආහාර සොයා ආ අලියා කඩය කඩා පළතුරු කයි දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මීගස්වැව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු එළවළු සහ පළතුරු අලෙවි සැලක් අද ( 04 ) අලුයම වන අලියකු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා එහි තිබූ එළවළු සහ පළතුරු ආහාරයට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 04 November 2018
යාල්දේවියේ පාපුවරුවේ ගිය තරුණයෙක් මරුට කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන්කළ තරුණයකු වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී හදිසියේම පාපුවරුවෙන් වැටීමෙන් මිය ගිය බවට ඕමන්ත පොලීසිය පවසයි. 04 November 2018
තිස්සමහාරාමයේ වෙඩි තැබීමකින් තරුණයකුට තුවාල තිස්සමහාරාමයේ දී සිදු වූ වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 04 November 2018
හංවැල්ලේ ඝාතනයට 7 ක් අත්අඩංගුවට හංවැල්ල ඇඹුල්ගම අවන්හල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. 04 November 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026