(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරතන සහ ප්‍රියන්ත ජයලත්)
15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අඹුකමට තබාගෙන සිටි 20 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ඊරියගහකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මොහු රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ නිවසකදී පැහැරගත් සිසුවිය අපයෝජනය කර මාස 16ක් පුරා එහි රඳවාගෙන අඹුකමට තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
හෝමාගම මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd