රොමේෂ් මධුෂංඛ
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන්කළ තරුණයකු වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී හදිසියේම පාපුවරුවෙන් වැටීමෙන් මිය ගිය බවට ඕමන්ත පොලීසිය පවසයි.
යාපනය බලා ධාවනය වූ දුම්රියේ අදාළ තරුණයා පාපුවරුවේ ගමන් කර ඇති අතර එක වරම දුම්රිය වේගයෙන් ධාවනය වූ අවස්ථාවේදී තරුණයා විසිවී වැටුණු බවට දුම්රියේ ගමන් කළ මගීහු පොලීසියට පවසා ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කේ.විජයසීලන් නැමැති තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd