(නිමල් ජයරත්න)
වැලිකන්ද රුවන්පිටිය කුඩා ඔය ප්‍රදේශයේ ගංවතුරකට හසුවී ගසක් උඩ රැඳී සිටි වී ගොවීන් දසදෙනෙකු යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය එක්ව අද(07) පෙරවරුවේ මුදාගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
වන අලින්ගෙන් වී ගොවිතැන ආරක්ෂා කිරීමට ගොස් සිටි මෙම ගොවීන් ගංවතුරට හසුවී සිටියදී මුදා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ‘ලංකාදීප’ය කළ විමසීමකදී පැවසීය.
මෙලෙසින් මුදා ගෙන ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ත් 55ත් අතර පසුවන ගොවියන් පිරිසකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd