(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඉංගිරිය බොරලුගොඩදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ නෝට්ටු සැකසීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ පරිගණකයක් සොයාගෙන ඇති අතර ඒවා ද පොලිසිය භාරයට ගෙන ඇත.
පුද්ගලයන් දෙදෙනෙකු ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගෙන ලබා දුන් රුපියල් දහසේ මුදල් නෝට්ටුව ව්‍යාජ එකකැයි ඉංගිරිය උදුරුගල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් ඉකුත් මස 27 වන දින ඉංගිරිය පොලිසියට පැමිණිලි කර තිබිණි.
මෙම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාළ පුද්ගලයන් දෙදෙනා මෝටර් රථයකින් හොරණ දෙසට ගමන් කරන බවට ලද තොරතුරක් අනුව පොලිසිය බොරලුගොඩ ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ව්‍යාජ නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට