(චන්දන ප‍්‍රනාන්දු )
වෙන්නප්පුව නගරයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක දෙවන මහලේ අද (07) උදෑසන ඇති වු ගින්නකින් එම ආයතනයේ දෙවන මහලේ පිහිටි පරිගණක හා විදුලි උපකරණ රැසක් විනාශ වි ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
කොළඹ හලාවත මාර්ගය අසල පිහිටා ඇති මෙම මුල්‍ය ආයතනය දෙසින් උදැසන 6 ට පමණ දුමක් පිටවන ආකාරය දුටු මාර්ගයේ ගමන්ගත් අයෙක් වෙන්නප්පුව පොලිසියට කරන ලද දැනුම්දීමක් මත එහි ගිය පොලිස් නිළධාරින් ආයතනයේ දොරගුළු විවෘත කර ගින්න නිවා දැමිමට කටයුතු කර තිබේ .
ආයතනයේ සවි කර තිබු ගිනි නිවිමේ උපකරණ හා ජලය භාවිත කර එහි පැමිණි සේවකයන් හා එකතුව ගින්න පැතිරිම වැලැක්වීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd