IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුදල් වංචා 12කට නිවාස සමාගමක අධ්‍යක්ෂ සැකපිට

බිඟුන් මේනක ගමගේ
 
මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ සිද්ධි දොළහකට අදාළව අධිකරණ කීපයක  විභාග වන නඩු මගහැර සිටි පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයෙන් අද  අත්අඩංගුවට ගෙන ඇත.

 
දෙහිවල පිහිටි ප්‍රසිද්ධ ඉඩම් හා නිවාස ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂවරයා හැටියට  කටයුතු කර ඇති මෙම පුද්ගලයාට එරෙහිව ව්‍යාජ ඔප්පු සැකසීම හා නිවාස ඉදිකර දෙන බවට පොරොන්දු දී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම ලැබී ඇතැයි එම ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
 
වරෙන්තු කීපයක්ම නිකුත් කළ ද  අධිකරණය දිගින් දිගටම මග හැරීම නිසා ජංගම දුරකථන දත්ත වාර්තා හරහා මෙම පුද්ගලයා සොයා පරීක්ෂණ කිරීමට සිදු වී යැයි කී හෙතෙම කඩවත රන්මුතුගල ප්‍රදේශයේ දෙමහල් නිවසක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි ද කීය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් ද මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේ යැයි ද එම නලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

මුදල් වංචා 12කට නිවාස සමාගමක අධ්‍යක්ෂ සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site