(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මැදමුල්ල ප්‍රදේශයේ දී රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්පෙති පන්සියයක් සමඟ විසි හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.
එම අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ මහතා ලද තොරතුරකට අනුව පොලිස් උපාය දූතයකු යොදවා මත්පෙති කිහිපයක් මිලදී ගැනීමට සලස්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම පුද්ගලයා එක් මත් පෙත්තක් රුපියල් 300 බැගින් අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd