(සුජිත් හේවාජූලිගේ)
අලුත් ආණ්ඩුවකට සහය පළ කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හෙට (05) කොළඹට පැමිණෙන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
පාර්ලිමේන්තු වටරවුම අසළින් හෙට දහවල් 12.00ට ඇරැඹෙන මෙම උද්ඝෝෂණයට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි කී ප්‍රේමජයන්ත මහතා සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් නොවන ආකාරයට උද්ඝෝෂණය පවත්වන බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට සහභාගී වන්නැයි රටට ආදරය කරන සියලු ජනතාවට ආරාධනා කරන බවද ඔහු කීය.
ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව දැනුම්දීම සඳහා අගමැති කාර්යාලයේදී අද (4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයනි, පසුගිය තුන් වසර කාලය තුල අප සිතු පැතු යහපාලනයක් නොදිටිමු. එම කාලය තුල මහින්ද රාජපක්ෂ මහතා වටිනා පාඩම් රැසක් අධ්‍යනය කල, දැන් නිවැරදි සහ ධර්මිෂ්ට පාලනයක් මගින් ලංකාව ඉදිරියට ගෙන යාමට කරන වැයමට අප සියලු දෙනාම මිලියන ගණනින් පැමිණ හෙට කොලොම්පුර රොක් කරමු.
උද්ඝෝෂණ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න, හැම උද්ඝෝෂනයේදීම තැලෙන්නේ පොඩි මිනිහ
මේ විදියට අලුත් ආණ්ඩු හදන එක මුළු ලෝකෙටම හොද ආදර්ශයක් . ඒක ලංකාවෙන් වීම ගැන අපිට හරි ආඩම්බරයක් . ජයවේවා !