(දයාරත්න ඇඹෝගම)
මල්වානේගම නිවසකදි විදුලි සැර වැදිමෙන් 11 හැවිරිදි පිරිමි දරුවෙකු අද (06) පෙරවරුවේදි මියගිය බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මල්වානේගම, එරියාගම පදිංචිව සිටි ජනක පුෂ්පකුමාර(11)නැමැති දරුවෙකි.
මෙම දරුවාගේ පියා නිවස ඉදිරිපිට පවත්වාගෙන යන පළතුරු වෙළඳසැලට විදුලිය ලබාගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහැනේ පැටලීමෙන් දරුවාට විදුලි සැර වැදී ඇති බව පොලිසිය කියයි.
විදුලිසැර වැදීමෙන් පසුව දරුවා රෝහලට ඇතුළු කළද ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd