රොමේෂ් මධුෂංඛ
යුද සමයේ දී සහ යුද්ධයෙන් පසුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මන්නාරමේ වසර 28 ක් පුරාවට යුද හමුදාව රැඳී සිටි සමූපකාර ගොඩනැගිල්ලක් අද (5) මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතට බාර දීමට පියවර ගන්නා ලදී.
මන්නාරම් නගරයේ පිහිටි අදාළ සමූපාකාර ගොඩනැගිල්ලේ පසුගිය වසර 28 පුරාවටම රැඳී සිට සාමාන්‍ය වැසියන් වෙනුවෙන් යුද සමයේ දී හා යුද්ධයෙන් පසුව ද අවශ්‍ය ආරක්ෂාව එහි රැඳී සිටි යුද හමුදා නිලධාරීන් විසින් සැපයීමට පියවර ගෙන තිබිණි.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා උතුරේ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබුණේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් දෙසැම්බර් 31 වැනි දා පෙර ලබා දීමට අවධානය යොමු කරවන ලෙස එම නිවේදනයට අනුව මන්නාරම් පැරණි සමූපාකාර ගොඩනැගිල්ල තුළ සිටි 54 වැනි සේනාංකාධිපති තුමන්ගේ ද අධීක්ෂණයන් පරිදි එහි නිලධාරීන් විසින් යුද හමුදා සෙබළුන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව එම ගොඩනැගිල්ල සහ භූමිය මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙතට බාරදීම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd