(දයාරත්න ඇඹෝගම)
ඉපලෝගම පිංපාර හන්දිය අසලදී ගංජා ග්‍රෑම් 840ක් සමඟ යුධ හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන 43 හැවිරිදි කපිතාන්වරයෙකි.මොහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරැවෙකි.
සැකකාර හමුදා කපිතාන්වරයා ඉපලෝගම ප්‍රදේශයට ගංජා රැගෙනවිත් බෙදා හරින බවට පොලිසියට ලද තොරතුරක් මත උපාය දුතයන් ලවා ගංජා මිලදී ගැනීමට සලස්වා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු අද (07) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd