වසන්ත චන්ද්‍රපාල
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.
අද (04) වන විට එහි ජල ධාරිතාවය අක්කර අඩි 154000 ක් පමණ විය.
අද දවස තුළ පමණක් සේනානායක සමුද්‍රයට අක්කර අඩි 7000 ක ජල ප්‍රමාණයක් එකතු වී තිබේ.
සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට අඛණ්ඩව වැසි ලැබීම හේතුවෙන් සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ද සැළකිය යුතු ජල ප්‍රමාණයක් සේනානායක සමුද්‍රයට එකතුවේ යැයි තමන් බලාපොරොත්තු වන බවත් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
මහ වැසි වැටීම නිසා අම්පාර දිස්ත්‍රික්කට අයත් සියලුම වැව් යටතේ කෘෂිකාර්මික කටයුතු ද ආරම්භ කර තිබෙන බව ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd